ගම්පහ මරණ දෙක, එන්නත ලබා ගැනීමෙන් පසු සිදු වූ මරණ මිස එන්නත නිසා සිදුවූ මරණ නොවෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
05

ගම්පහ මරණ දෙක, එන්නත ලබා ගැනීමෙන් පසු සිදු වූ මරණ මිස එන්නත නිසා සිදුවූ මරණ නොවෙයි

ගම්පහ මරණ දෙක, එන්නත ලබා ගැනීමෙන් පසු සිදු වූ මරණ මිස එන්නත නිසා සිදුවූ මරණ නොවෙයි

කොරෝනා වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම කොවිශීල්ඩ් එන්නතේ බලපෑමක් හේතුවෙන් සිදු වූවක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

 

අදාල මරණ දෙක සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ සහ අනෙකුත් විමර්ශන මගින් පැහැදිලිවම නිගමනයකට ලක්ව ඇත්තේ එම මරණ දෙකම එන්නතට මොනම ආකාරයකින් හෝ සම්බන්ධ වී නැති මරණ දෙකක් බවයි.

 

එම නිසා එම සිද්ධිය මුල් කරගනිමින් එන්නත් ලබා ගැනීම සඳහා මහජනතාව පසුබට නොවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

 

ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණ වැඩසටහන ඉතා ආරක්ෂිතව සිදුකරන බැවින් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු සඳහන් කළේ.

views

733 Views

Comments

arrow-up