රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක්

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇති බවයි වර්තා වන්නේ අධික බෑවුම් සහ ගල්පර්වත විශාල ප්‍රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයස දහන් කර සිටිනවා.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර සදහන් කලේ මේ වන විට ගින්න මැඩපැවැත්වීම සදහා යුද හමුදාව,පොලිසිය,වනජීවි නිලධාරීන්, වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් යොදවා ඇති බවයි.
686 Views
Comments