වැල්ලවත්තේ දී බීමත් රියදුරෙක් සිවුදෙනක් යට කරයි - එක් අයෙක් ජිවිතක්ෂයට

වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව්හි දි අද උදෑසන 5.45 ට පමණ මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙකු යට කර ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථය සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා අධික ලෙස බිමත්ව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඔවුන් කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා.
678 Views
Comments