බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය වැටලීම් සදහා රැඳවියන්ගෙන්ම විශේෂ කණ්ඩායම්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
05

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය වැටලීම් සදහා රැඳවියන්ගෙන්ම විශේෂ කණ්ඩායම්

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය වැටලීම් සදහා රැඳවියන්ගෙන්ම විශේෂ කණ්ඩායම්

දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩ දීම සඳහා බන්ධනාගාර තුළ රඳවා ඇති රැඳවියන්ගෙන් තෝරාගත් පිරිසක් පිරිසකගෙන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

 

එම විශේෂ කණ්ඩායම සඳහා තෝරාගනු ලබන රැඳවියන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ.

 

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් ඉන් ගලවා ගැනීමට සහ බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව නිරීක්ෂණය කිරීමට එමගින් හැකියාවක් ලැබෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

views

698 Views

Comments

arrow-up