MAR
05
තේ වත්තකින් නාඳුනන මළසිරුරක් හමුවෙයි

හැටන් - ස්තැඩන් තේවතු යායේ කාණුවක තිබී ඊයේ දිනයේදී මළ සිරුරක් හමුවී තිබෙනවා.
වතු කම්කරුවන් ගෙන් ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි හැටන් පොලීසිය පැවසුවේ.
මියගිය තැනැත්තා වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයෙකු වන අතර දුඹුරු පාට කමිසයක් සහ සරමක් අද සිටි බවයි වාර්තා වන්නේ.
මේ වන විට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දික්ඔය මූලික රෝහලට යොමු කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
622 Views
Comments