X - Press Pearl ගින්න තවදුරත් ව්‍යාප්ත වේ - මෙරට සාගර කලාපයටත් හානි - (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
22

X - Press Pearl ගින්න තවදුරත් ව්‍යාප්ත වේ - මෙරට සාගර කලාපයටත් හානි - (VIDEO)

X - Press Pearl ගින්න තවදුරත් ව්‍යාප්ත වේ - මෙරට සාගර කලාපයටත් හානි - (VIDEO)

පසුගිය විසි වනදා ගිනි ගැනීමට ලක්වූ X press Pearl නෞකාවේ ගින්න පැතිරීම මේ වන විට වේගවත් වී ඇති බව මෙරට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරනවා.

 

මේ වන විට ගින්න නිවීම සඳහා නෞකාව අයත් මව් සමාගම විසින් ටග් යාත්‍රාවන් එවා තිබෙනවා.

 

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගරය සහ සිදුරළ නෞකා දෙකත් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එක්වී තිබෙනවා.

 

මීට අමතරව ගින්නෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්තය කණ්ඩායමක්ද අද රාත්‍රියේ දී ලංකාවට පැමිණෙන බවත් වාර්තා වනවා.

 

 

views

987 Views

Comments

arrow-up