කුඩු වලට ඇබ්බැහි වුණු පුතා අම්මවයි නංගිවයි වැසිකිළියට දාලා ලොක් කරලා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
03

කුඩු වලට ඇබ්බැහි වුණු පුතා අම්මවයි නංගිවයි වැසිකිළියට දාලා ලොක් කරලා

කුඩු වලට ඇබ්බැහි වුණු පුතා අම්මවයි නංගිවයි වැසිකිළියට දාලා ලොක් කරලා

කොළඹ නාගලගම්වීදියේ කඩයක පොල් විකූණන ලෙස පෙන්නා මත්කුඩු අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසියට 26 හැවිරිදි මෙම සැකකරු මත්කුඩු කිලෝ 1යි ග්‍රෑම් 160 ක් සමඟ අත්අඩංගුවට ගන්න පුළුවන් උනා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ සොයාබැලීමේදී ඔහුගේ මවගෙන් අසන්නට ලැබුණේ ඛේදනීය කතාවක්.

 

ඇය පවසන ආකාරයට මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය කුඩා පැකට් වලට ඇසුරුම් කිරීමට පෙර 67 හැවිරදි මව හා සැකකරුගේ සොහොයුුරිය වන මෙවර උසස් පෙළ හැඳෑරීමට බලාපොරොත්තු වන 17 හැවිරිදි තරුණියවද කුඩා වැසිකිලියක් තුලට දමා අඟුල් දමනු ලබනවා. ඇතැම් විට පැය දෙකක තුනක කාලයක් මෙලෙස මේ දෙදෙනාට වැසිකිලිය තුල සිරවී සිටීමට සිදුවන බව මව සිහිපත් කරේ අනුවේදනීය අයුරිනි.

 

කෙසේ වෙතත් මේ වන විට මෙම සැකකරු පොලිස් අත්අඩංගවේ සිටින අතර ඔහුව කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

views

691 Views

Comments

arrow-up