බිරිඳට කොරෝනා තිබියදීත් වැඩ ගන්නවා - සැමියා ඇඟලුම් කම්හල ලඟ විරෝධතාවයක

කිලිනොච්චියේ ඇඟලුම් කම්හලක් ඉදිරිපිට පසුගිය 20 වනදා පියෙකු තම දරුවන් තිදෙනා සමග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඔහු පවසා සිටියේ ඔහුගේ බිරිඳට ඇඟලුම් කම්හල තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණත් ඒ බව නොදන්නවා ඇයගෙන් ඇඟලුම් කම්හලේ පාලකයන් වැඩ ගන්නා බවයි.
කොරෝනා ආසාදනය වූ සේවකයන් 270 දෙනෙකු අදාල කම්හලේ සේවය කරන බවත් ඔවුන්ට නිවාඩු ලබාදී කම්හල වසා දැමීමට වහාම ක්‍රියාත්මක කරන ලෙසත් අදාළ පුද්ගලයා ඉල්ලා සිටියා.
කිලිනොච්චියේ අක්කරායන්කුලම් මීයන්කුලම ගම්මානයේ සිට පැමිණ සිටි මේ පුද්ගලයා අදාල කම්හල ඉදිරිපිටට පැමිණ මෙසේ විරෝධතාවය නිරත වුණා.
මේ සම්බන්ධයෙන් ඇඟලුම් කම්හලේ පාලනාධිකාරිය විසින් අදාළ පුද්ගලයා සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුහු සිය දරුවන් තිදෙනා සමග දියත් කොට ඇති විරෝධතාවය අවසන් කොට නොමැති බවද වාර්තා වනවා.
1717 Views
Comments