හොරට O/L ලියු පුද්ගලයෙක් අත්අඩංගුවට

O/L විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
මුලතිව් සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු පරසන්කුලම් නැදුන්කනී ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බව සඳහන් වේ.
මේ අතර කැකිරාව මඩාටුගම විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයෙකුට පහරදුන් තවත් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑ පාසල් සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
1029 Views
Comments