ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි ධීවර ප්‍රජාවට කාලගුණෙන් නිවේදනයක් !
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
30

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි ධීවර ප්‍රජාවට කාලගුණෙන් නිවේදනයක් !

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි ධීවර ප්‍රජාවට කාලගුණෙන් නිවේදනයක් !

අද දිනයේ දී සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට සවස හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මේ ස්ථානවල මිලිමීටර් 75 ට වඩා වැඩි වැසි ඇතිවන අතර අනිකුත් ප්‍රදේශවල සාමාන්‍ය කාලගුණයක් දැකිය හැකිය.

 

මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත් වල සමහර ස්ථාන වල උදෑසන කාලයේදීත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

 

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවලත් කොළඹ සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

 

කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර වේගයකින් සුළං හමා යනු ඇත.

 

හම්බන්තොට ආශ්‍රිත මුහුදු කලාපයේ පැයට කිලෝමීටර් 50 ඉක්ම වූ සුළං ඇති වේ.

 

ගාල්ලේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. එම ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා සුළං ද ඇතිවන අතර මුහුද තරමක් රළු වේ.

 

ගිනිකොන දිග බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් නිසා අද දිනයේ මුහුද හදිස්සියේ රළු වීමේ හැකියාව පවතී.

 

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 65 ත් අතර වේ. අරාබි මුහුද කැළඹීම හේතුවෙන් තද සුළං හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ද එවන් අවස්ථාවකදී පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතී.

 

මේ හේතුවෙන් ධීවර ප්‍රජාව වඩාත් අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වා සිටී.

views

964 Views

Comments

arrow-up