තවත් 485ක් සුවය ලබයි - මෙරට සුවය ලැබූවන් 81,000 ඉක්මවයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 81,321 දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2,800ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 84,610 ක්.
දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 80,395 ක් ලෙස වාර්තා වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 489ක්.
681 Views
Comments