බදියුදීන්ගේ නිවසේ තවත් බාලවයස්කාර දැරියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියක් වන හිෂලිනිට පෙර බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් බාල වයස්කරුවෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.
දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් හිෂලිනි ජූලි 3 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඇය ජූලි 15 වන දින මිය ගියාය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඇය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව ඇති බවයි.
එම බාල වයස්කරුවන් දෙදෙනාම එකම ආයතනයක් හරහා බදියුදීන් විසින් ලබාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් හරහා ප්‍රකාශ කර සිටියේ.
841 Views
Comments