තවත් ආසාදිතයින් 240ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 240 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 82,753 දක්වා ඉහළ ගියා.
මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2,779ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 86,039ක්.
දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 81,764 ක් ලෙස වාර්තා වනවා.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 507ක්.
612 Views
Comments