මුලතිව්හි පිපිරීමක්, එක් අයෙක් මරුට

මුලතිව් වට්ටුවාකල් පාලම අසල පෞද්ගලික ඉඩමක සිදුවූ පිපිරීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද දහවල් කාලයේ දී යතුරුපැදියෙන් පැමිණි තරුණයන් දෙදෙනකු අදාල ඉඩමට ගොස් ඇති අතර ඉන් පසුවයි මෙම පිපිරීම සිදු වී ඇත්තේ.
අනතුරින් 19 හැවිරිදි තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර 20 හැවිරිදි තරුණයෙක් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කරන තිබෙන බව වාර්තා වෙනවා.
කෙසේ නමුත් මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
799 Views
Comments