කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයක පැය 20ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ උදෑසන 9 සිට අනිත් දා අළුයම 5 දක්වා පැය 20ක කාලයක් ජල සැපයුම අපි තුළ බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.
එම මණ්ඩලය සදහන් කළේ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය , රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ අතුරු මාර්ග වලට සැපයෙන ජල සැපයුම මෙසේ අත්හිටුවීමට කටයුතු කරන බවයි.
ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත්තේ අඹතලේ ජල පොම්පාගාරයේ සිට කොලොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් බවයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
636 Views
Comments