දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
03

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශා වලින් හමා එයි.

 

සුළගේ වේගයපැ.කි.මී. (20-30) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.

views

704 Views

Comments

arrow-up