කැස්බෑව නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ඇතුලූ තිස් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදන වූවන් ලෙස අද (06) උදෑසන වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය
ඒ අතර බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙකු සහ සුපිරි වෙළඳසැලක 11 දෙනෙකු ලෙස ආසාදිතයින් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇත .
මේ වනවිට පිළියන්දල නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයින්ගේ සමීපතමයින් ඉවත් කොට සඳුදා සිට එම ස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරිහු පවසති.
686 Views
Comments