තරුණියන් දෙදෙනෙක් පැහැරගත් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

තරුණියන් දෙදෙනෙක් පැහැරගත් අයෙක් අත්අඩංගුවට

තරුණියන් දෙදෙනෙක් පැහැරගත් අයෙක් අත්අඩංගුවට

සමාජ ජාල වෙබ් අඩවියකින් හමුවූ සහෝදරියන් දෙදෙනෙකු පැහැරගෙන ගිය බවට සැකපිට 20 හැවිරිදි තරුණයෙකු ටොකුෂිමා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගුන්මා ප්‍රාන්තයේ ටොමියෝකා හි සමාගම් සේවකයෙකු වන අයුමු කිරිබුචි නම් මොහු තරුණියන් දෙදෙනාව ටොකුෂිමා ප්‍රාන්තයට රැගෙන ගොස් තිබේ.

 

පසුව සාප්පු මධ්‍යස්ථානයක වාහන නැවැත්වීමේ ස්ථානයක නවතා තිබූ මෝටර් රථයක් තුළ තරුණියන් දෙදෙනා සහ සැකකරු සිටිනු පොලිස් මුර සංචාරයේ යෙදී සිටි නිලධාරියෙකු දැක ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලීසිය පැවසුවේ දැරියන්ට හානියක් සිදුවී නොමැති අතර ඔවුන් ආරක්ෂිතව සිය භාරයට ගත් බවයි.

views

243 Views

Comments

arrow-up