නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් ඉතිරි වූ ගොඩනැගිල්ලක් හෝටලයක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් ඉතිරි වූ ගොඩනැගිල්ලක් හෝටලයක් වෙයි

නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් ඉතිරි වූ ගොඩනැගිල්ලක් හෝටලයක් වෙයි

1945 නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් ඉතිරි වූ ගොඩනැගිල්ලක් පසුව මාරියා-එන් අනාථාගාරය ලෙස භාවිතා කරන ලදී.

 

නමුත් දැන් එය සුඛෝපභෝගී හෝටලයක් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත.

 

බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් මිනිසුන් දැන් මහලු වියට පැමිණ සිටින බැවින්, එයින් බේරුණු ගොඩනැගිලි “නිහඬ කතා කියන්නන්” ලෙස වඩ වඩාත් වැදගත් වී ඇත.

 

එසේ වුව ද එවැනි ඇතැම් ගොඩනැගිලි පැරණි වන විට නඩත්තු කිරීමට අධික වියදමක් දැරීමට සිදුවන බැවින් ඒවා කඩා බිඳ දමා ඇත.

 

මෙම තත්ත්වය හමුවේ එම ගොඩනැගිලි සංරක්ෂණය කර ප්‍රයෝජනයට ගැනීමට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද පියවර ගත යුතු බව විශේෂඥයෙක් පවසයි.

views

315 Views

Comments

arrow-up