JUL
12
පියා ගඟට තල්ලු කර ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

ඕසකා නගරයේ පාලමකින් තම පියාව ගඟට තල්ලු කර මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට 36 හැවිරිදි පුද්ගලයෙකු ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු චෝදනා පිළිගනිමින් කියා සිටියේ තම පියාට අසනීප වී වැඩ කිරීමට නොහැකි නිසා එසේ ඝාතනය කළ බවයි.
සැකකරු ජීවත් වන්නේ ඔහුගේ දෙමාපියන්, බාල සහෝදරයා සහ බාල සහෝදරිය සමඟයි. ඔහුගේ පවුලේ අයට අනුව මියගිය පියා සම්පූර්ණයෙන්ම අන්ධ අයෙකු විය.
255 Views
Comments