JUL
05
බටහිර Shizuoka ප්‍රාන්තයට දැවැන්ත සුළි කුණාටුවක් එන ලකුණු

බටහිර Shizuoka ප්‍රාන්තයට දැවැන්ත සුළි කුණාටුවක් ඇතිවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
එමෙන්ම ඊයේ (04) සවස 6.00 ට පමණ ඔවුන් මධ්‍යම Izu සහ බටහිර Shizuoka ප්‍රාන්ත සඳහා ටොනේඩෝ අනතුරු ඇඟවීමේ නිවේදනද නිකුත් කළේය.
ඒ අනුව ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අහස දෙස අවධානය යොමු කරන ලෙසත්, ගිගුරුම් හෝ සුළඟේ හදිසි වෙනස්වීම් වැනි ලකුණු තිබේ නම් ශක්තිමත් ගොඩනැගිල්ලක් තුළට යාම වැනි ආරක්ෂාව සහතික කිරීමට පියවර ගන්නා ලෙසත් ය.
314 Views
Comments