MAR
14
සමලිංගික ජපන් සහකරුවෙක් සමග විවාහ වූ ඇමරිකානුවෙක්ට දිගුකාලීන වීසා බලපත්‍රයක්

තම සමලිංගික ජපන් සහකරු සමඟ විවාහ වූ ඇමරිකානු පුරුෂයෙකුට ජපානය දිගුකාලීන වීසා බලපත්‍රයක් ලබා දී තිබේ.
මෙය සමලිංගික විවාහ පිළිනොගන්නා රටක ඇගයිය යුතු පියවරක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි.
මෙම වීසා බලපත්‍රය හරහා Andrew High නම් ඇමරිකානු පුද්ගලයාට වසරක් දක්වා ජපානයේ රැඳී සිටීමට ඉඩ සලසයි. පසුගිය සිකුරාදා තෝකියෝ ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශය විසින් ඔහුට මෙම වීසා බලපත්‍රය ලබා දෙන ලදී.
257 Views
Comments