MAR
08
පුතාට පහර දුන් මව අත්අඩංගුවට

හොක්කයිඩෝ ප්‍රාන්තයේ සපෝරෝ ප්‍රදේශයේ පොලිසිය විසින් 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක් සිය පුතාගේ මුහුණට පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ පස්වරු 5.35ට පමණය.
දස හැවිරිදි දරුවාගේ උරහිසට යටින් ලේ ගැලීමක් මෙන්ම මුහුණේ සීරීම් ද ඇති විය.
පහර කෑමට ලක්වූ පසු ඔහු අසල්වැසි නිවසකට දිව ගොස් ඇති අතර අසල්වැසියා වහාම පොලිසියට කතාකර තිබේ.
කෙසේවෙතත් යූ ෂියු-මෙයි නම් සැකකාර කාන්තාව තම පුතාට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි.
231 Views
Comments