පිහියක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු අයෙක් අත්අඩංගුවට

පිහියක් රැගෙන සිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරුණු අයෙක් පොලිසිය විසින් කඩිනමින් එම ස්ථානයට ගොස් අල්ලාගෙන තිබේ.
පුද්ගලයාගේ බිරිඳ ටොයොහාරා පොලිස් ස්ථානයට පැමිණ තම සැමියා පිහියක් රැගෙන ඔහුගේ නිවස අවට සැරිසරමින් සිටින බව වාර්තා කර තිබේ.
පසුව පොලිස් නිලධාරීන් 15 දෙනෙකු පමණ එම ස්ථානයට යන විට එම පුද්ගලයා පිහියක් අතැතිව මහ හඬින් කෑ ගසමින් සිට ඇත.
පැය දෙකහමාරක් පමණ පිහිය අතහරින ලෙස නිලධාරීන් ඔහුට ඒත්තු ගන්වා අත්අඩංගුවට ගෙන රෝහල් ගතකර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.
මරණයට හේතුව අනාවරණය වී නොමැත.
283 Views
Comments