MAY
03
මහමගදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ අයෙක් සොයා පරීක්ෂණ

ඊයේ (02) පෙරවරු 8.35 ට පමණ ඕසකා නගරයේ නිෂිනාරි වෝඩ්හි වීදියකදී පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුගේ මුහුණට දියරයක් වැනි දෙයක් වත් කර ගිනි තබා ඇත.
පිළිස්සුණු පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහලට ගෙන යන ලදී.
අනෙක් පුද්ගලයා පලා ගොස් ඇති අතර ඕසකා ප්‍රාන්ත පොලිසියේ නිෂිනාරි පොලිස් ස්ථානය ඔහු සොයා පරීක්ෂණ පවත්වයි.
එම පුද්ගලයා මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් යුක්ත වන අතර නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටි බව සඳහන් වේ.
259 Views
Comments