JUL
09
මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (08) රාත්‍රී 7.20 ට පමණ යොකොහාමා නගරයේ කනගාවා වෝඩ්හි කටකුරා හි මාර්ගය හරහා යමින් සිටි හිරෝකි නිට්ටා නම් 40 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයේ රියදුරු යොකොහාමා නගරයේ ට්සුසුකි වෝඩ්හි පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ.
කනගාව ප්‍රාන්ත පොලිසියට අනුව මෝටර් රථය හොරෝකිගේ වැදීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මංතීරුවේ නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටීමෙන් 44 හැවිරිදි කාන්තාවක් සහ 49 හැවිරිදි පිරිමියෙකු ද තුවාල ලබා තිබේ.
322 Views
Comments