ජපාන ඔටුන්න හිමි කුමරු සහ අකිෂිනෝ කුමරිය චාල්ස් රජුගේ රාජාභිෂේකයට

ජපානයේ ඔටුන්න හිමි කුමරු සහ අකිෂිනෝ කුමරිය ලබන මාසයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට නියමිතයි.
ඊයේ (11) පැවති කැබිනට් රැස්වීමේදී අධිරාජ්‍ය යුවළගේ සිව්දින බ්‍රිතාන්‍ය සංචාරය අනුමත විය.
ඒ අනුව ඔටුන්න හිමි කුමරු සහ අකිෂිනෝ කුමරිය මැයි 4 වැනිදා ජපානයෙන් පිටත්ව ලන්ඩනයට යාමට නියමිතයි.
ඔවුන් දෙදෙනා මැයි 5 වැනිදා බකිංහැම් මාලිගයේ රජු විසින් පවත්වනු ලබන පිළිගැනීමේ උත්සවයකටද සහභාගී වීමට නියමිතය.
ඔවුන් මැයි 6 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේහි පැවැත්වෙන රාජාභිෂේක උත්සවයට සහභාගී වී පසුදා ජපානයට පැමිණෙනු ඇත. එය යුවලගේ පළමු බ්‍රිතාන්‍ය නිල සංචාරය වනු ඇත.
241 Views
Comments