ජපානයේ සකුරා අබේසන් විහාරයේ වෙසක් වැඩසටහන අති සාර්ථක අයුරින් මෙවරත්

සම්බුදු තෙමගුල නිමිති කරගනිමින් ජපානයේ සකුරා අබේසන් විහාරයේ දී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.
අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩම කරවීම, අටවිසි බුදුකුටි සහිත දම් සභා මණ්ඩපය සඟසතු කොට පූජා කිරීම, සම්බුද්ධ පූජාව සහ සඟසතු දානමය පිංකම සහ බත් දන්සැල එම වැඩසටහන් අතරට අයත්.
ජපන් දේශයේ සකුරා අබේසන් ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සම්බුද්ධ සාසනයට පූජා කර තිබුණේ JDM ආයතනයේ අධිපති සුජිත් ජයන්තයි.
ඒ හේතුවෙන් ඔහුට සාදුජන ප්‍රසාදිනී ලෝකත්චාරී ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය පිරිනමනු ලැබීය.
මෙහි සංවිධානය කර තිබූ බත් දන්සල විවෘත කරනු ලැබුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරායි.
320 Views
Comments