JUN
03
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පොසොන් වැඩසටහන

ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම අමරනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය වන උතුම් පොසොන් මහා පින්කම් මාලාව හෙට (04) දින දවස පුරා යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
සිල් සමාදන්වීම, භාවනා වැඩසටහන සහ විශේෂ බෝධි පූජා පිංකම ඇතුළු වැඩසටහන් රැසක් එදිනට පැවැත්වේ.
පින් කැමති ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා!
252 Views
Comments