යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම හෙට

ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ චිකුසෙයි නගරයේ පිහිටා තිබෙන (සකුරගවා නගරයට ආසන්න ) "යොමොගිදා" නමැති සුන්දර ගම්මානයේ අභිනවයෙන් විහාරස්ථානයක් ආරම්භ කිරීම සදහා ඒ අවට සිටින ශ්‍රී ලාංකීය බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ දිනවල වැඩකටයුතු සූදානම් වෙමින් පවතී.
ජපන් ජාතිකයන් මෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය වැඩිහිටියන් හා දුවාදරුවන් වෙනුවෙන් ඉදිවෙන මෙම විහාරස්ථානය හුදෙක් පන්සලක් පමණක්ම නොව වැඩිහිටියන්ට හා දුවාදරුවන්ට දහම් අධ්‍යාපනය, කලාව, සංස්කෘතිය, ආයුර්වේදය, හා ආගමික කටයුතු, භාවනා වැඩසටහන් ඇතුළුව සේවාවන් රැසක් සිදුකෙරෙන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම අරමුණයි.
මෙම විහාරස්ථානය විවෘත කිරීම සහ වෙසක් පුණ්‍ය මහෝත්සවය හෙට (28) දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
291 Views
Comments