මොනවද මේ කන්ජි රැඩිකල්ස්?

'කන්ජි රැඩිකල්ස්' යනු ප්‍රධාන වශයෙන්ම, තරමක් සංකීර්ණ වන කන්ජි අක්ෂරයන්ගේ අන්තර්ගතවන කුඩා කන්ජි අක්ෂරයන්ම වේ. ඒවා බොහෝවිට තනි තනිව ඇතිවිටද කන්ජි අක්ෂරයන්ම වේ. සියලු ජපන් කන්ජි අක්ෂරයන්ගේ භාවිතාවන, හඳුනාගත් කන්ජි රැඩිකල් ගණන 214 කි. මේවාද, ලිවීමේදී ඇඳීම් 1 සිට 17 ක් දක්වා දිගු විය හැක.
මෙම රැඩිකල් පිලිබඳ යම් අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වන්නේ, නොදන්නා කන්ජි අක්ෂරයක වුවද දල වශයෙන් අර්ථය, උච්චාරණය හා එහි ප්‍රභවය පිලිබඳ හදුනා ගැනීමට උපකාරීවන බැවිනි. එසේම තරමක් සංකීර්ණ කන්ජි අක්ෂරයන් ඇඳීමේදී ඒවා කුඩා රැඩිකල් කොටස් වලට වෙන් කර ගැනීමෙන් ඇඳීමේ පිළිවෙල(stroke order) මෙන්ම එම කන්ජි අක්ෂරයන්ද පහසුවෙන් මතක තබා ගත් හැකි වේ. JLPT වැනි විභාග වලදීද කන්ජි දැනුම පරික්ෂා කිරීමට මෙම කන්ජි රැඩිකල් පමණක් වෙනස් කරමින් එක හා සමාන වූ බහුවර්ණ පිළිතුරු ලබාදීම දැකිය හැක.
320 Views
Comments