ලංකාවේ ජපාන තානාපති ශ්‍රී ලංකා - ජපාන ව්‍යාපාරික කවුන්සිලයේ 44 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට

ජුලි 20 වැනි දින ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - ජපාන ව්‍යාපාරික කවුන්සිලයේ 44 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි සහභාගි විය.
IMF වැඩසටහනට අනුකූලව ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීම සහ ආර්ථික සාමාන්‍යකරණය ළඟා කර ගැනීම ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය බව ඔහු සිය දේශනයේදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කරගැනීමට සහ සෞභාග්‍යය ලඟාකරගැනීමට සහාය වෙමින්, හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ දිගටම පෙනී සිටින බවද තානාපති මිසුකෝෂි යළි තහවුරු කළේය.
293 Views
Comments