ජපානයේ ශ්‍රී ලංකා තානාපති සුගත අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමට සහභාගී වේ

වෙසක් දින උත්සවයට සමගාමීව 2023 අප්‍රේල් 29 වන දින ෆුජිනෝමියා නගරයේ සුගත අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමට සහ බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහභාගී විය.
එහිදී ඔහු තානාපති කාර්ය මණ්ඩලය ද කැටුව විහාරස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ ප්‍රථම බෝධි පූජා පිංකමට ද සහභාගී විය.
2023 අප්‍රේල් 27 වැනි දින සියම් නිකායේ, අමරපුර නිකායේ සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමිවරුන් විසින් මෙම බෝ අංකුරය ජපානයට වැඩම කරවන ලදී.
මහා නාහිමිවරුන් ඇතුළු 52 මහා සංඝරත්නය උදෙසා පුජා කරන ලද දානමය පිංකම සඳහා ද තානාපතිවරයා සහභාගී විය.
306 Views
Comments