යාපනයේ මූලායි සමුපකාර රෝහලට ජපානයෙන් ගිලන්රථ

ඊයේ (10) ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ප්‍රදාන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මූලායි සමුපකාර රෝහල් සමිතියට ගිලන්රථ දෙකක් භාරදීමේ උත්සවයට ජපන් තානාපති MIZUKOSHI Hideaki මහතා සහභාගී විය.
මෙම ව්‍යාපෘතිය මගින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන අය සඳහා ජංගම උපදේශන සේවා සැපයීම ඇතුළුව නියමිත වේලාවට සෞඛ්‍ය සේවා සැපයීමට රෝහලට හැකි වේ.
යාපනයේ අසල්වැසි රෝහල් වෙත හදිසි ප්‍රතිකාර සහ හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් හැකියාව ලැබේ.
තානාපති MIZUKOSHI මෙහිදී ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශය සඳහා අඛණ්ඩව සහය දැක්වීමට ජපානයේ කැපවීම පිලිබඳවද ප්‍රකාශ කළේය.
431 Views
Comments