සඳ තරණයට සැරසෙන ජපානය

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සතියේ අවසන් මොහොතේ අවලංගු කිරීමට සිදුවූ ජපාන H2A රොකට්ටුව බ්‍රහස්පතින්දා (07) දියත් කෙරේ.
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සහ දියත් කිරීමේ මෙහෙයුම් භාර සමාගම වන මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් හි නිලධාරීන් ඊයේ (04) ප්‍රකාශ කළේ රොකට්ටුව බ්‍රහස්පතින්දා පෙරවරු 8:42 ට කගෝෂිමා ප්‍රාන්තයේ ටනෙගාෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වන බවයි.
කෙසේවෙතත් නුසුදුසු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් එය දියත් කිරීම තුන් වතාවක් කල් දමා ඇත.
SLIM නොහොත් සඳ විමර්ශනය කිරීම සඳහා වන මෙම ස්මාර්ට් ලෑන්ඩරය JAXA විසින් නිපදවන ලදී. එහි කාර්යයන් අතර නිවැරදි ගොඩබෑමේ ශිල්පීය ක්‍රම ප්‍රදර්ශනය කිරීම සහ සඳ පාෂාණ පරීක්ෂා කිරීම ඇතුළත් වේ.සාර්ථක වුවහොත්, සඳ මත ගවේෂණ යානයක් ගොඩ බැස්සවූ පස්වන රට බවට ජපානය පත්වනු ඇත.
453 Views
Comments