SEP
09
ජපාන රග්බි කණ්ඩායම ලෝක කුසලානයට සැරසේ

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සහභාගි වන ජපාන ජාතික කණ්ඩායම පසුගිය 7 වැනිදා ටූලූස්හිදී සිය පුහුණුවීම් ප්‍රදේශයේ ජනතාවට විවෘත කළේය.
පුහුණුවීම් නැරඹීමට පැමිණි ළමයින්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ඔවුන් සිය පුහුණුවීම් කරගෙන ගියහ.
පිරිස අතර සිටි එක් අයෙක් සිනාමුසු මුහුණින් පැවසුවේ ජපාන ජාතික කණ්ඩායම කොහේ ගියත් තමන් සහය දෙන බවයි.
482 Views
Comments