ජපාන විදේශ ඇමති ශ්‍රී ලංකාවට

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යෝෂිමාසා (HAYASHI Yoshimasa) මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ගොස් තිබේ.
ශ්‍රී ලංකාව සමග් පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හයාෂි යෝෂිමාසා මහතා ඇතුළු ජපාන දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයේ නිරත වෙති.
ජපාන විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයින් මුණ ගැසීමට නියමිතය.
ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය පවසයි .
437 Views
Comments