උතුරු කොරියාව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට සැරසේ

උතුරු කොරියාව හෙට (24) චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබේ.
එහි කොටස් ජපන් භූමියට පතිත වුවහොත් ඒ සඳහා ප්‍රතික්‍රියා දැක්වීමට ජපානය අන්තර්ග්‍රහණ මිසයිල ඒකක යොදවා ඇත.
මෙම චන්ද්‍රිකාව අගෝස්තු 24 සිට 31 දක්වා කාලය තුළ දියත් කිරීමක් සැලසුම් කර ඇති බව උතුරු කොරියාව කලින් ජපානයේ වෙරළාරක්ෂක බලකායට දැනුම් දුන්නේය.
මේ අනුව ප්‍රක්ෂේපණයේ කොටස් කහ මුහුදේ සිට පැසිෆික් සාගරය දක්වා විහිදෙන ප්‍රදේශ තුනකට ගොඩබැස්විය හැකි යැයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත් මෙම ප්‍රදේශ ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත පිහිටයි.
352 Views
Comments