2011 ව්‍යසනයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ජපානයේ විශේෂඥයින් තුර්කියට යයි

2011 මහා ජපාන භූමිකම්පාව සහ සුනාමියේ අත්දැකීම් බෙදාහදා ගනිමින් මෑත කාලීන භූමිකම්පාවලින් දිවි ගලවා ගත් අයට උපකාර කිරීම සඳහා ජපාන විශේෂඥ කණ්ඩායමක් තුර්කියට ගොස් ඇත.
ඒ අනුව Tohoku විශ්ව විද්‍යාලයේ ආපදා විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරේදා (18) දකුණු පළාතේ Hatay හි සංචාරයක නිරත විය.
පෙබරවාරි මාසයේදී දකුණු තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවලින් Hatay විනාශ විය. භූකම්පනයෙන් 50,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර තුර්කියේ පමණක් ගොඩනැගිලි 56,000 ක් විනාශ විය.
කඩා වැටුණු ගොඩනැගිලි අඩු ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍යවලින් ඉදිකර තිබේ දැයි කණ්ඩායම් සාමාජිකයන් පරීක්ෂා කළහ.
ඔවුන් කූඩාරම් 70 ක පමණ පුද්ගලයින් 530 ක් ජීවත් වන නවාතැනකට ද ගියහ.
විශේෂඥයින් අද (20) තුර්කියේ ආපදා කළමනාකරණ නිලධාරීන් හමුවීමට නියමිතය.
267 Views
Comments