MAR
25
මහල් නවයක ගොඩනැගිල්ලකින් වැටී දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ (24) සවස 3.55ට පමණ නගෝයා හි නකා-කු හි ෂිනෙයි හි මහල් නවයක ගොඩනැගිල්ලකින් වයස අවුරුදු දෙකක පමණ පිරිමි ළමුන් දෙදෙනෙකු ඇද වැටී තිබේ.
අදාල අවස්ථාවේදීම ඔවුන් රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බව තහවුරු විය.
ඔවුන් මහල් නිවාසයේ 7 වැනි මහලේ පිහිටි නිවසින් වැටී ඇතැයි අයිචි ප්‍රාන්ත පොලිසිය උපකල්පනය කරයි.
පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
228 Views
Comments