MAR
31
දුම්රිය ස්ථානයේ වැටක් මත සෙල්ලම් කළ සිසුන් තිදෙනෙක් පහළට ඇද වැටේ

ඊයේ (31) පස්වරු 2.10 ට පමණ යමගුචි ප්‍රාන්තයේ ෂිමොනොසෙකි නගරයේ ටකේසාකිචෝ හි ජේ.ආර්. ෂිමොනොසෙකි දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති උස් පදික වේදිකාවේ වැටේ සවි කර ඇති කම්බි දැල ගැලවී ගොස් ප්‍රාථමික පාසල් සිසුන් තිදෙනෙකු මීටර් 6 ක් පමණ පහළට වැටී තිබේ.
ඔවුන් තිදෙනා රෝහල් ගතකර ඇති නමුත් ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව පැවසේ.
සිසුන් තිදෙනා පදික වේදිකාවේ ඉදිකර ඇති මීටර් 1.1 ක් පමණ උස වැට මතට නැග කම්බි දැල මත සෙල්ලම් කරමින් සිටියදී කම්බි දැල සමග බිමට වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
262 Views
Comments