ජපානයේ වැසි සමය ඇරඹේ

ජපානයේ බොහෝ ප්‍රදේශවල වැසි සමය ආරම්භ වී ඇති බවත් බටහිර සිට නැගෙනහිරට වැසි වලාකුළු පැතිරී ඇති බවත් ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව රටේ නිරිත දෙසින් Mawar සුළි කුණාටුව බදාදා පමණ වනවිට ඔකිනාවන් දූපත් වෙත ළඟා වනු ඇති බවටද ඔවුන් අනාවැකි පලකරයි.
උතුරු කියුෂු, ෂිකෝකු, චුගෝකු, කිංකි සහ ටෝකායි ප්‍රදේශ වැසි සමයට ඇතුළු වී ඇති බව ද ඔවුන් ඊයේ (29) නිවේදනය කළේ ය.
මෙම කලාපවල වැසි සමයේ ආරම්භය සාමාන්‍ය වසරට වඩා දින අටකට පෙර සහ පසුගිය වසරට වඩා දින 16 කට පෙර වේ.
නාය යෑම් සහ පහත් බිම්වල ගංවතුර මෙන්ම අකුණු අනතුරු සහ සුළි සුළං පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
333 Views
Comments