JUL
22
කියුෂු ප්‍රදේශයේ පාසල් සිසුවියන් තිදෙනෙක් ගඟේ ගිලී මරුට

නිරිතදිග ජපානයේ ෆුකුඕකා ප්‍රාන්තයේ මියාවකා නගරයේ ගංගාවක ගිලීමෙන් ප්‍රාථමික පාසල් දැරියන් තිදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (21) පස්වරු 12.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ගිනි නිවන ඒකකයේ සහ පොලිසියේ ගලවා ගැනීමේ නිලධාරීන් පස්වරු 1.30 ට පමණ ඔවුන් බේරාගෙන රෝහල් ගතකර ඇති නමුත් එහිදී ඔවුන් මියගොස් ඇති බව තහවුරු වූ බව පොලිසිය පවසයි.
මෙම දැරියන් තිදෙනා හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව ගිනි නිවන නිලධාරීන් පැවසූහ.ඔවුන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමින් සිටි බව එම ස්ථානයේ සිටි ළමුන් ප්‍රකාශ කර ඇත.
309 Views
Comments