විදේශ රැකියා බලාපොරොත්තු වූ විශාල පිරිසක් ග්ලෝකල් ෆෙයා 2023 යාපනය වැඩසටහනට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවූ ග්ලෝකල් ෆෙයා වැඩසටහනෙහි තවත් එක් අදියරක් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් යාපනය මුට්‍රවෙලි පිටයේදී ඊයේ (15) දින පැවැත්විය.
මෙහිදි විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවූ විශාල පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සේවාවන් ලබාගත්හ.
මීට අමතරව බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් විදේශ රැකියා සොයාගැනීමේ අවස්ථාව, කාර්යාංශයේ සුබසාධන සේවා, විදේශ රැකියා පුහුණුව පිළිබඳ තොරතුරු, ජපන් ඊශ්‍රායල් රැකියා තොරතුරු, විදේශ රැකියා සම්බන්ධ ගැටළු ඉදිරිපත් කිරීමට ද උතුරු පළාතේ ජනතාව වෙත අවස්ථාව උදාවිය.
329 Views
Comments