MAR
20
පීච් මලින් සැරසෙන හිගාෂි-චිචිබු ගම්මානය

සයිටාමා ප්‍රාන්තයේ හිගාෂි-චිචිබු ගම්මානයේ රෝස පීච් මල් සම්පූර්ණයෙන්ම පිපී ඇති අතර එය ගමට පැමිණෙන අමුත්තන් සතුටු කරයි.
අත්හැර දැමූ ගොවිබිම් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ප්‍රදේශවාසීන් වසර 20 කට පමණ පෙර මෙම පීච් ගස් සිටුවා ඇත.
දැන් ගස් 2,000 ක් පමණ කඳුකර ගම්මානය අලංකාර කරයි.
පවතින අධික උෂ්ණත්වය නිසා වෙනදාට වඩා සතියකට පමණ පෙර මල් පිපෙන්නට පටන් ගත් බව ගම්මුන් පවසයි.
මාර්තු 25 පමණ වන තෙක් මල් පිපී පවතිනු ඇත.
280 Views
Comments