MAR
13
Damimaru Bessoහි හිටපු සභාපති සියදිවි නසාගනී

වසරකට දෙවතාවක් පමණක් නාන තටාකවල ජලය වෙනස් කළ බවට එල්ල වූ චෝදනාවලින් කැළඹී ඇති ෆුකුඕකා ප්‍රාන්තයේ දිගු ඉතිහාසයක් ඇති හෝටලයක් වන Damimaru Besso හි හිටපු සභාපතිවරයකු වන මැකෝටෝ යමඩා මියගොස් ඇති බව වාර්තා වේ.
පොලිසියට අනුව යමඩා ඊයේ(12) අලුයම චිකුෂිනෝ නගරයේ කඳුකර මාර්ගයක මියගොස් සිටියදී සොයාගෙන ඇත.
ඒ අසල නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ තිබී සියදිවි නසාගැනීමේ සටහනක්ද හමු වී තිබේ.
242 Views
Comments