MAY
10
ජපාන අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව ඇනහිට තිබේ.
ඒ "Anonymous" නම් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් සිදුකළ සයිබර් ප්‍රහාරයක් හේතුවෙනුයි.
ඊයේ (09) උදෑසන පැය කිහිපයක් තම වෙබ් අඩවියට පිවිසීම අවහිර වූ බව අමාත්‍යාංශය පවසයි.රජයේ අභිචෝදක කාර්යාලය, ආගමන සේවා නියෝජිතායතනය සහ වෙනත් අයට අයත් වෙබ් අඩවිවලටද පැය කිහිපයක් ප්‍රවේශ විය නොහැකි වූ බව ද අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සිය ට්විටර් ගිණුමේ නිවේදනය කළේ මෙයට හේතු සොයා බලන බවයි.
234 Views
Comments