අතුරුදන් වූ GSDF හෙලිකොප්ටරය ගොඩ ගනී

අනතුරට පත් ජපන් ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ හෙලිකොප්ටරය දකුණු ඔකිනාවා ප්‍රාන්තයේ මුහුදෙන් සොයා ගන්නා ලදී.
10 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැගත් හෙලිකොප්ටරය මියකොජිමා දූපත අසල රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූයේ අප්‍රේල් 6 වැනිදාය.
මීටර් 106 ක් ගැඹුරින් හමුවූ හෙලිකොප්ටරයේ සුන්බුන් ඊයේ (02) පෙරවරු 11.45 ට පමණ එම කාර්යයේ යෙදී සිටි පෞද්ගලික ගැලවීමේ නැව් දෙකෙන් එකක තට්ටුවට ගොඩකර ඇති අතර සුන්බුන් එසවීම සඳහා විශාල දැලක් භාවිතා කරන ලදී.
GSDF විසින් හෙලිකොප්ටරයේ පියාසැරි රෙකෝඩරය නැවත ලබා ගැනීමට සහ අනතුරට හේතුව කුමක්දැයි සොයා බැලීමට සැලසුම් කරයි.
යානයේ සිටි පුද්ගලයින් 10 දෙනාගෙන් 6 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. GSDF තවමත් අතුරුදහන් වූවන් ලෙස ලැයිස්තුගත කර ඇති අය සෙවීම දිගටම කරගෙන යයි.
258 Views
Comments