Chiba තාක්ෂණ ආයතනයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

Chiba තාක්ෂණ ආයතනයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

Chiba තාක්ෂණ ආයතනයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

රජයේ අභ්‍යවකාශ ප්‍රතිපත්ති කමිටුවේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කළ Chiba තාක්ෂණ ආයතනයේ සභාපති Takafumi Matsui අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඒ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවූ පිළිකාවක් හේතුවෙනුයි.

 

මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවිය.  

 

Shizuoka ප්‍රාන්තයේ Morimachiහි උපත ලද ඔහුගේ විශේෂතා අතර භූ භෞතික විද්‍යාව සහ සංසන්දනාත්මක ග්‍රහලෝක විද්‍යාව ඇතුළත් වේ.  ඔහු තෝකියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර 1986 දී "ජල ග්‍රහලෝක පිළිබඳ න්‍යාය" ප්‍රකාශයට පත් කළ අතර එමගින් සාගරයේ ආරම්භය පැහැදිලි කිරීමට උත්සාහ කළේය. 

 

2012 සිට 2022 දක්වා ඔහු අභ්‍යවකාශ ප්‍රතිපත්ති කමිටුවේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ අතර ජපානයේ අභ්‍යවකාශ ගවේෂණය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ විය.

views

231 Views

Comments

arrow-up