APR
03
JR Kisei දුම්රිය මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියා විරහිත වේ

ඊයේ (02) පෙරවරු 11.30 ට පමණ JR Kisei දුම්රිය මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියා විරහිත වී තිබේ.
මේ හේතුවෙන් දුම්රිය කුමානෝ ගඟ හරහා ඇති පාලම මත පැයක් පමණ නතර විය.
එම අවස්ථාවේදී මගීන් 40ක් පමණ දුම්රියේ සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
එම අවස්ථාවේ ඒ අවට ප්‍රදේශය කුණාටු සහිත වූ අතර අකුණු සැර වැදීමෙන් සංඥා දෝෂය ඇති වූ බවට විශ්වාස කෙරේ.
236 Views
Comments